Pages

hiru

Monday, March 12, 2018

howto unlock huawei dongle sinhala tutorial

ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ඕනද
අන්ලොක් කරනවා කියන්නේ ඩොන්ගල් එකට ආපු සිම්එක නොදමා වෙනත් නෙට්වර්ක් එකක සිම් එකක් දාල ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදියට එහි ඇති ලොක් එක ඉවත් කරගැනිමයි.

මේක කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මම ඒ ක්‍රමටික සිංහලෙන් ඔයාලට කියල දෙන්නම්

 01 අන්ලොක් කෝඩ් එක ඇතුලත්  කිරීමෙන් 
       ඩොන්ගල් එකට වෙනත් ජාතියක සිම් එකක් දම කම්පුටරයට සම්බන්ද කල පසු unlock code එකක් ට්යිප් කරන්න එනවා. මෙන්න මේ වගේ.
මේක ඇතුලත් කරන්න පුළුවන්  වාර ගානත් තියනවා ඊට වඩා උත්සහ කරොත් ඔයාගේ ඩොන්ගල් එක unlock code ගහල අන්ලොක් කරන්න බැරි විදියට ලොක් වෙනවා

හරි අපි බලමු අන්ලොක්කෝඩ් එක හොයාගන්නේ කොහොමද කියල

පළමුවෙන්ම අපිඅපේ ඩොන්ගල් එකේ මොඩල් නම්බර් එකයි imei නම්බර් එකයි හරියට හොයාගන්නඕන
එක ඔය ඩොන්ගල් එකේම ගහල තියෙනවා.





















මේක නිතරම මතක තියාගන්න ඕන නිසා ලියාගෙන තියාගත්තා නම් හොඳයි.

Universal MasterCode භාවිතයෙන් අපට කෝඩ් එක හොයාගන්න පුළුවන්
මෙතනින්  බාගන්න
මේක තමයි භාණ්ඩේ අපි හොයාගත්ත imei නම්බර් එක මේ තියෙන imei කියල තියෙන තෙන ටයිප් කරලා calculate කියන බටන් එක ඔබන්න
ඊටපස්සේ unlock කෝඩ් එක ඔයාට පෙන්වාවි එකකොපි කරගෙන ඩොන්ගල් එකේ ඉල්ලන තැනටදෙන්න.

මේක තමයි unlock කෝඩ්එක හොයාගන්න තියෙන එක විදියක් නමුත් මේ ක්‍රමය අලුත් ඩොන්ගල් වලටනම් සමහරවිට වැඩ නැ...

හරි ඉතින් දුක් වෙන්න දෙයක් නැ මම කීවනේ සේරම ටික කියල දෙනවා කියල..

අලුත් ඩොන්ගල් වලදිනම් new algo code එක සොයාගත යුතුයි.  අලුත් ඇල්ගෝ කෝඩ්  එක ගන්න ඔන්ලයින් ගන්න පුළුවන් වෙබ් සේවා තියෙනවා   ඒ අතරින් huawei code calculater කියන්නේ හොඳ එකක් 
එකට methanin යන්න ගිහින් ඉස්සරලා විදියටම imei එක දීල unlock code එක අරගන්න.හරි

ඔයා මේ වැඩටික හරියට කලානම් ඩොන්ගල් එක unlock වේවි..

02 Firmware Updates මගින් අන්ලොක් කිරීම
මෙම ක්‍රමයේදීඉතාසැලකිල්ලෙන්කටයුතු කල යුතුය හදිසියෙවත් විදුලිබලය නැතිවී කොම්පුටරය ඔෆ් වීමෙන් ඩොන්ගලයට  හානිවේ.. එම නිසා ලැප්ටොප් එකක් හෝ ups එකක් ඇති පරිගණකයකින් වැඩ කිරීම හොඳය.

හරි අපි වැඩේට බහිමු
පළමුව අපේ ඩොන්ගල් එකේ මොඩල් නම්බර් එක හරියට බලා ගන්න 
ඉන් පසුව අපට අවශ්‍ය firmware එක ඩවුන්ලෝඩ් කරගත යුතුය.
huawei firmware.com වෙත මෙතනින් පිවිසෙන්න 
 ඉහත පරිදි අපගේ මොඩල් නම්බර්එකට අදාළ ෆයිල් එක තෝරා ඩවුන්ලෝඩ් කරගන්න 

 01.ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එක extract කරගැනීමෙන් පසු  සෙටප් ෆයිල් එකක් දක්නට ලැබේවි.එයමත ඩබල් ක්ලික් කර එය ඕපන් කරගන්න. accept කර next කරන්න.

02.ඔබගේ ඩොන්ගලය පරිගණකයට සම්බන්ද කර drivers හරි හැටි install කර ඇත්නම් එය හදුනාගන්නාතුරු ඉවසන්න.ඉන්පසු next දෙන්න.

03.ඩොන්ගල් එක හදුනාගනිමෙන්පසු තහවුරු කිරීමට ටික් එක දමා next දෙන්න.

04.තහවුරු කිරීමෙන් පසු රතුපාට අකුරින් අවවාද පණිවිඩයක් දිස්වේ කුමන හේතුවක් මතවත් ඩොන්ගලය
විසන්දි නොකරන්න නැතිනම් සදාකල් දොයි තමයි.
05.දැන් අප්ඩේට් වීම අරබා ඇත ඉවසන්න
06. අවසානයේ දී සාර්ථක වූ බව දන්වන පනිවුදයත් සමග ඔබගේ දොන්ගලය සාර්ථකව අන්ලොක් වේවි..
හරිමෙක්‍රම මගින් ඔයාගේ ඩොන්ගල් එක අන්ලොක් කර ගත්තනම් කමෙන්ට් එකක් ගෙන යන්න තව සොෆ්ට්වෙයාර් මගින් කරන ඊවත් තියනවා එක පස්සේ දාන්නම් හරි  ගිහින් එන්නම්...
             

2 comments: